සබරගමුව පළාතෙත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් පවතී.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



