බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා සහ මොහොමඩ් සියාම් නමැති සැකකරුවන්ට ලබාදීම සඳහා සැකකටයුතු ලෙස රැගෙන ආ මුදල් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බූස්ස බන්ධනාගාර නිළධාරින් සිදු කළ වැටලීමකදී බන්ධනාගාර ප්‍රධාන පිවිසුම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය සදහන් කළේ.
එහිදී සැකකරු සතුව තිබූ රුපියල් එක් ලක්ෂ 50,000ක මුදලක් සොයාගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා රත්ගම පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සදහන් කළේය.



