යුද හමුදාපති හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත ‌වෙයි

Share

යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.

 

ඒ ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහායි.

කිසිඳු අයෙකුට දැනුම් දීමකින් තොරව හදිසියේම යුද හමුදාපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමඟ සහ ගොවීන් සමඟ ද කෙටි පිළිසදරක නිරත විය.

ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියේ එලවළු අලෙවි කිරීමේදී සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවයි.

මෙහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියේ ජනතාවගෙන් මීටරය දුර පවත්වාගෙන යමින් ‌මෙය පාලනය කරගැනීම අවශ්‍ය බවත් ඇඳිරි නීතිය යොදවා ඇත්තේ රටක් හැටියට ආරක්ෂා වීම සඳහා බවත් ය.

Read more

Local News