කේරළ ගංජා සමඟ අ‌යෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී අද (27) කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි.

 

උතුරු මැද නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක්, තලෙයිමන්නාරම පොලිසිය හා එක්ව අද මන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී ඇඳරි නීති තත්වය පවතින අවස්ථාවක එම ප්‍රදේශයේ පාලු ස්ථානයක සැක සහිත ලෙස හැසිරුණු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කරන ලදි.

පසුව ඔහු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ෂණවලදී ඒ අසල කැළෑබඳ ප්‍රදේශයක සගවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සහිත පාර්සලයක් සොයා ගැනීමට හැකිවිය.

ඒ අනුව අදාල සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 27ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනාගෙන ඇත.

අදාල සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු තලෙයිමන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News