ඇඳිරි නීතිය කඩ කරන අයට පොලිස් ඇප නෑ

Share

පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

මේ අතර ජනාධිපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද පස්වරුවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ දැනට රටපුරා ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙසයි.

ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගතහැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධන බලකාය සියලු විධිවිධාන සලසා ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම ඇඳිරි නීති කාලය තුළ කිසිවෙකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

කාර්ය සාධන බලකාය විසින් අවසර දී ඇති බෙදාහැරීම් සේවා සිදුකරන වාහන පමණක් මාර්ගවල ධාවනය කිරීමට හැකි අතර අන් කිසිදු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වන අතර විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙනයාමද මුලුමනින්ම තහනම් වෙයි.

කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු, කුඩා තේවතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර හිමි වන අතර ගුවන් තොටුපොළ හා වරාය සේවා පවත්වාගෙන යායුතු බව ජනාධිපති කාර්යාලය නිකුත් කළේ නවතම ඇඳිරි නීති උපදෙස් මාලාවේ සඳහන්ය.

Read more

Local News