ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (27) උදෑසන 6.00 සිට අද (28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.
එම කාලය තුළ රථවාහන 260ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය 20 වන දින පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ තුළ පමණක් රථවාහන 1293ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.



