යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හයවැනි කණ්ඩායම අද( 29) සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි 77 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
මොවුන්ගෙන් 49 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සහ 28 දෙනෙකු වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ යුධ හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලියට ලක්ව තිබේ.



