එකම පවුලේ 5දෙනෙකුට කොරෝනා අසාදනය වෙයි

Share

මෙරටින් වාර්තා වන ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හලාවත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ.

 

හලාවත එකම පවුලේ 5 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

අදාළ පවුලේ සාමාජිකයන් අතර මාස 4ක් වයසැති ළදරුවෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read more

Local News