තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැරදිකරුවන් වුවහොත් සිර දඩුවමකට සහ දඩයකට ද යටත් වනු ඇති.
මීට අමතරව ඔවුන් අවශ්‍යතාවය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍යනිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමටද නියමිතයි.
මේ අතර පොලිසිය භාරයට ගනු ලබන වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් අදාල පොලිස් ස්ථානවල රැදවා තැබීමට ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.



