ඇඳිරි නීතිය ඉවත් කරන තුරු කොටස් වෙළෙඳපොළ වසයි

දැනට දිවයින පුරාවට බලපැවැත්වෙන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු හෙට (2020 අප්‍රේල් 01) දින සිට, කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත නොකිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.

 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ කොව්ඩි-19 වසංගත තත්ත්වය හමුවේ රජය විසින් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ගෙන ඇති අතිවිශේෂ පියවර ගණනාවක් හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා මේ අනුව ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු හෙට (01) සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට පියවර ගෙන ඇත.

Exit mobile version