නාවික හමුදාව සහ පේසාලේ පොලිසිය එක්ව මන්නාරම, පේසාලේ, පෙරියකාසල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.
නාවික හමුදාව රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ එය පාලනය කිරීම සඳහා සෑම සහයෝගයක්ම ලබා දෙමින් රටේ ආක්ෂාව සඳහා තම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටි.
ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගයින් පිරිසක් සහ පේසාලේ පොලිසිය එක්ව ඊයේ(31) දින මන්නාරම, පේසාලේ, පෙරියකාසල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත පුද්ගලයෙක් නිරීක්ෂණය කර වැඩිදුර පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 810 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හදුනා ගත් අතර, අදාල සැකකරු සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු පේසාලේ පොලීසිය විසින් සිදු කරනු ලබයි.



