කුරුවිට පොලිස් වසමේ ආනන්ද පුර ප්‍රදේශයේ දී කුරුවිට පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටලීමක් කර නීතිවිරෝධී මත්පැන් බෝතල් 135 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇත.
ඔහු වයස අවුරුදු 45 ක් වු එලවුල්ල, පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (01) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර ඊයේ සවස 3.30ට පමණ පානදුර, දකුණ පොලිස් වසමේ බෙක්කේගම, බෙන්ඩික්දූව ප්‍රදේශයේ දී පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් ද වැටලීමක් සිදු කර නිතීවිරෝධි මත්පැන් බෝතල් 68ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී වයස අවුරුදු 38 ක පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව ඇත් අතර, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර දකුණු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



