මොරගහහේන පොලිස් වසමේ වැල්මිල්ල ප්‍රදේශයේ දී නීතිවිරෝධි මත්පැන් බෝතල් 75 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 40 ක් වු වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය හෙට (03) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ.



