බිරිඳ සහ දියණිය ඝාතනය කළ පියා ගෙල වැලලාගනී

Share

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී සිය බිරිඳට තිබුණු ආයුධයකින් පහර දී ඝාතනය කර, දියණියගේ ගෙල සිර කර ඝාතනය කළ පුද්ගලයෙක් ගෙලවැලලා ගෙන මියගොස් තිබේ.

 

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ, අංක 6/15/1, කටහාන, හේ‍නේගම ලිපිනයේ පදිංචි මෙම සැකකරු නිවසේ වහලයට යෙදු ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බව මල්වතුහිරිපිටිය පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන සිදු කර ඇත.

සැකකරු වයස අවුරුදු 37ක අයෙක් වන අතර ඝාතනය වු කාන්තාව වයස අවුරුදු 28 ක් හා දියණිය වයස අවුරුදු 3ක් වන බව පොලීසිය පවසයි.

මෘත ශරීර ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති අතර මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News