අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

Share

අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

 

මේ වන විට අමෙරිකාවෙන් ආසාදිතයින් දෙලක්ෂ 14,836 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගත වූ කාලය තුළ එරටින් මරණ 1046ක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් දිනක් තුළ එක් රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය ලෙස සැලකෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අද වන විට ලොව පුරා ආසාදිතයින් නව ලක්ෂ 35,000ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 47,189ක් වෙයි.

Read more

Local News