කොරෝනා ආසාදන‌යෙන් මියගිය ‌තෙවන පුද්ගලයා තවත් රෝග කිහිපයකින් පීඩා විඳි අයෙක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචිකරු දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙලුනු අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(02) දිනයේ තහවුරු වී තිබුණි.

ඉන් අනතුරුව අයි.ඩි.එච්.රෝහලට මාරු කෙරුණු ඔහු එම රෝහලට ඇතුළත් කරගන්නා අවස්ථාවේදී මියගොස් ඇති බව අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

මියගිය පුද්ගලයා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපනවීම ආදි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳි අයෙකු බවට අනාවරණය වී තිබේ.

ඔහු රෝහල් ගත වීඇත්තේ ද කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වය උත්සන්න වු අවස්ථාවේදී බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News