අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් තැපැල් දේපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් තැපැල් කාර්යාල කරා පැමිණිමේ අවශ්‍යතාවක් නොමැත.
අප්‍රේල් මස 04 වන දින වන විටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධව තමන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ තැපැල් ස්තානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන මෙන් තැපැල්පිතිවරයා විසින් තවදුරටත් දැනුම් දෙනු ලැබේ.



