ඇගළුම් සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප, උත්සව අත්තිකාරම් ගෙවීමට එකඟ වෙයි

Share

කොවිඩ් 19 වසංගතයෙන් රටේ ආර්ථීකයට සිදුවන බලපෑම නිසා ඇගළුම් නිශ්පාදන ආයතන හා එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා රජය නිසි පියවර ගෙන ඇති බව විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 

ඇගළුම් නිශ්පාදන සම්මේලනය, හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කම්කරු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඇගළුම් කර්මාන්තයේ නිරතව සිටින සියලුම සේවක සේවිකාවන් සඳහා මාර්තු මස වැටුප් ගෙවා ඇති බවත් මාර්තු මස 16 දින සිට මුළු නිශ්පාදන ක්‍රියාවලිය කඩා වැටී තිබියදීත් අදාළ සේවක සේවකාවන් සඳහා අප්‍රේල් මස වැටුප සහ උත්සව අත්තිකාරම් ගෙවීමට එහිදී එකගවූ බව ද ප්‍රකාශ කළේය.

සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට රජය කිසිසේත් සූඳානම් නොමැති බවත් එම අරමුදලේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය බැදී සිටින බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News