ත්‍රිකුණාමලයෙන් ස්වයං නිරෝධායනයට ලක්නොවු සංචාරකයන් පිරිසක් සොයා ගැනේ

Share

ස්වයං නිරෝධායනයට ලක්නොවු විදේශිය සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමල උප්පුවෙලි පොලිසිය විසින් නිලාවේලි ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

 

ඊයේ (02) පස්වරුවේ ත්‍රිකුණාමලය උප්පුවෙලි පොලිසියට ලැබුණු තොරතුරක් මත ස්වයං නිරෝධායනයට ලක් නොවු විදේශිකයන් පිරිසක් නිලාවේලි ප්‍රදේශයේ සංචාරක හෝටල් තුනක රැදිසිටිය දි සොයාගෙන තිබේ.

එහි සිටි විදේශිකයන් අටදෙනා අතරට පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු අයත් බව වාර්තා වේ.

එහිදි එම විදේශිකයන් සංචාරක හෝටල් තුළදිම ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පොලිසිය විසින් පියවර ගනු ලැබුවේය.

Read more

Local News