කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුළ හදුනාගත් රෝගීන් තිදෙනා ඇතුළුව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 125ක් වේ.
ඔවුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.



