තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටවෙයි

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

 

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් 129 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අයි.ඩී.එච්. රෝහලේ සහ වැලිකන්ද හා මුල්ලේරියාව යන මූලික රෝහල්වල ඔවුන් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඉන් 5 දෙනෙකු මියගියේය.

මේ අතර පුද්ගලයින් 25 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් 250 ක පමණ පිරිසක් දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

Exit mobile version