මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්

රඹුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ‍ප්‍රදේශයේ දී කොරෝනා‍ වෛරසය මැඩලීමේ රාජකාරි‌යේ ‌යෙදී සිටි රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යා‍ලයේ සේව‍යේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

 

අද (04) සවස 3.00 ට පමණ මෙම පහර දීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

සිය රාජකාරියට බාධා කර තියුණු ආයුධයකින් පහර දීම සම්බන්ධයෙන් මේ වන විට රඹූක්කන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පහර කෑමෙන් තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇත.

Exit mobile version