ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන අයට එරෙහිව නීති දැඩි වෙයි

Share

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

 

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බලපත්‍ර ලබාදී ඇති අතර නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මේ අතර ජාති හා ආගම් අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News