කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 42 දක්වා ඉහළට

Share

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් 166 දෙනාගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් 35 දෙනෙකු ද ආසාදිතයින් අතර වෙයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11දෙනෙකු හඳුනාගෙන ඇත.

යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් ‌වේ.

තවද රත්නපුර, කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News