විනාඩි 5 ක් වැනි කෙටි කාලයක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබදව පරීක්ෂා කිරිමේ හැකියාව ඇති අතේ ගෙන යා හැකි කුඩා උපකරණයක් නිපදවීමට අමෙරිකා එක්සත් ජනපදයේ ඇබෝට් පර්යේෂණාගාරය සමත්ව තිබේ.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ අධිකාරිය මෙම උපකරණය භාවිතා කරමින් කොවිඩ් නයින්ටීන් වෛරසය පරීක්ෂා කිරිමටද මේ වන විට අවසර ලබාදී ඇතැයි වාර්තා වෙයි.
අණුක තාක්ෂණය උපයෝගි කරගනිමින් පරීක්ෂාවන් සිදුකර ආසාදිතයින් විනාඩි 5 ක් වැනි කාලයකදී හඳුනාගත හැකි අතර එම පුද්ගලයා ආසාදිතයකු නොවන බව එමගින් තහවුරු කරගැනීමට ගත වන කාලය විනාඩි 13 ක් බව වාර්තා වේ.




