සමාජ ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇය මෙලෙස අසත්‍ය ප්‍රචාරය කර තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයක් අනුව ඊයේ (05) දින වාද්දුව ප්‍රදේශයේ දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය ඊයේ දිනම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



