ජීප් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ සිව්‌දෙනෙක් අත්අඩංගුවට

Share

බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 100ක් අති සුඛෝපභෝගි ජීප් රථයක ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය මුලස්ථාන පොලීසිය විසින් අද (06) දින අත්අඩංගුවට ගෙන ඇත.

 

නානුඔය ප්‍රදේශයේ සිට ගම්පොල පුස්සැල්ලාව දක්වා මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත නුවරඑලිය පොලීසිය සහ යුද හමුදා භට පිරිස් විසින් නානුඔය ප්‍රදේශයේදි මාර්ග බාධකයක් යොදා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

නානුඔය කිරිමැටිය ප්‍රදේශයේ මත්පැන්සැලක සිට මත්පැන් බෝතල් තොගය පුස්සැල්ලාව දක්වා ප්‍රවාහනය කර ඇඳිරි නිතිය කාලයේදි අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් අධික මිලට අලෙවි කිරිම සඳහා සැකකරුවන් රැගෙන එමින් සිටි බවයි නුවරඑලිය පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ‌පොලිසිය පවසයි.

සැකකරුවන්, මත්පැන් බෝතල් තොගය සහ ජීප් රථය නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News