පුද්ගලයින් 2ක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

Share

අනුරාධපුර, කුඕච්චන්කුලම වැව අසලදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 75ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 හැවිරිදි සහ 33 හැවිරිදි දුටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර අනුරාධපුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News