අද කාලගුණය ‌මෙන්න

Share

සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ හා උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

 

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති වෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුරු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

අප්‍රේල් 5 වන දා සිට ශ්‍රී ලංකාව ආශ්‍රිතව අක්ෂාංශවලට ඉර මුදුන්ව පවතී.

ඒ අනුව අද (08) දිනයේ දී දහවල් 12.12 ට වෙනන්නප්පුව, ලුනුවිල, දාරළුව, අඹතැන්න, රංගල, හසලක, කොළමන්තලාව සහ නින්තවූර් යන ප්‍රදේශවල හිරු මුදුන්ව පවතී.

Read more

Local News