මාර්තු 20 වන දා සිට අද (08) දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 18000 ක් බව පොලීසිය පවසයි.
එහිදි වාහන 4667ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර අද උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා පමණක් පුද්ගලයින් 283 ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වාහන ගණන 81 ක් බව පොලිසිය සඳහන් කරයි.



