පළාත් කිහිපයකට අදත් තදවැසි

Share

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

 

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (09) කුරුකැප්පෙටියාව, පොතුවැව,ත පොල්ගහගංගොඩ, උල්පොතවැව, ආවව්ඩාවේලි හා ඌරනි යන ප්‍රදේශවල දහවල් 12.12ට සෘජුවම ඉර මුදුන්ව පවතී.

Read more

Local News