මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

මල්ලාවි ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් නිති විරෝධි ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මල්ලාවි අයියන්කුලම් ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසීය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි පුත්තුවෙට්ටුවාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (09) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News