දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

Share

වයඹ පළාත සහ අනුරාධපුර, මන්නාරම, වව්නියාව, ගම්පහ සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා දැඩි උණුසුම් කාලගුණයක් සඳහා වන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව ඉහත සඳහන් කළ ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News