ධීවරයින්ගේ මාළු තොග ඉක්මනින් මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ධීවර ජනතාවත්, පොදු මහජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.



