චීන ගුවන් යානයක් වෛද්‍ය උපකරණ තොගයක් රැ‌ගෙන දිවයිනට එයි

Share

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන එම ගුවන් යානය ඊයේ(10) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය තුළ මුඛ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ ඇතුළු සිරුරු ආරක්ෂක උපකරණ මෙන්ම තවත් වෛද්‍ය උපකරණ ද තිබූ බව මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යුස්ටස් සිල්වා මහතා සඳහන් කළේය.

මෙම වෛද්‍ය උපකරණ සියල්ල ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය වෙත භාර දීමට කටයුතු කළ බවද කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News