පැය 24ක් තුළ ‌කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

Share

කොවිඩ් නයින්ටීන් වෙරසය හේතුවෙන් එක් දිනක් තුළ මරණ 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ පළමු රට බවට අමෙරිකාව පත්ව තිබේ.

 

පසුගිය පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2108ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් මරණ 18,747ක් වාර්තා වී තිබේ.

එමෙන්ම එරටින් ආසාදිතයින් පන් ලක්ෂ 2876ක් වාර්තා වන අතර, මේ වන විට සුවය ලැබූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27,314ක් බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් සිදුව ඇති අතර එම සංඛ්‍යාව 5820ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News