මහමාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද(11) සිට අනිවාර්ය කර තිබේ.
ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද මෙය අද සිට බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.
මේ වන මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.



