කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින්, ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය අගය කිරීම සදහා විශේෂ තේමාවක් සහිතව අද (11) සවස 6.45 ට නෙළුම් කුළුණ ආලෝකමත් කිරීමට නියමිතයි.
අද වන විට COVID-19 නව කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය වශයෙන් මරණ 100,000 කට අධික වන අතර, මෙම වසංගතය ලෝකයේ දරුණු සන්ධිස්ථානයකට පැමිණ තිබේ.
ලොව පුරා සිටින සෞඛ්‍ය සේවකයින් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සේවකයින් විශාල සංඛ්‍යාවක් අන්‍යයන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට ඔවුන්ගේ ජීවිත පරදුවට තබමින් කටයුතු කරමින් සිටියි.



