කරූගෙන් ‍ජනපතිට ලිපියක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තවිම පාලනය කිරිම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරමින් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

 

හිටපු කතානායකවරයා එමඟින් පෙන්වා දී ඇත්තේ ජනතා සංචරණය සීමා කිරිමට ආණ්ඩුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තවිම වැලැක්විමට සාධනීය ලෙස දායකවී ඇති බවයි.

එමෙන්ම ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සම්පාදනයේ දී සෞඛ්‍ය සේවා ආරක්ෂක අංශ හා පොලීසිය ඉතා අගය කළ යුතු සේවාවක් සිදු කරමින් පවතින බව ද හිටපු කතානායකවරයා මෙහිදී සඳහන් කර තිබේ.

කෙසේවෙතත් බිම් මට්ටමින් උද්ගතවෙමින් පවතින නව යථාර්තයන්ට අනුව හාඩ ගැසීමට අපහොසත් වුවහොත් එමඟින් රටේ පොදු සෞඛ්‍ය අර්බුදයක් හා ආර්ථික කඩා වැටීමක් ඇතිවිම වැලැක්විය නොහැකි බව හිටපු කථානායකවරයා පෙන්වා දී ඇත.

Read more

Local News