ඖෂධ නිකුත් කිරීම වෛද්‍ය නිර්දේශ මත පමණයි

Share

වෛද්‍යවරුයෙකුගේ නිර්දේශ මත පමණක් ජනතාව වෙත ඖෂධ නිකුත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාව වෙත කිසිවෙකුටත් ‍ඖෂධ ලබා නොදිය යුතු බව සෞඛ්‍ය ජනරාල්වරයා අවධාරණය කර තිබේ.

මෙය ඖෂධ අධිකාරි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද ‍එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කරනු ලබයි.

මේ මොහොතේ ඖෂධ ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් විසින් පවසන රෝග ලක්ෂණවලට ඖෂධහල් හිමියන් කිසිවිටෙකත් ඖෂධ අලෙවි කිරීම හෝ නියම කිරීම සිදු නොකළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News