නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ 2ක් අත්අඩංගුවට ‌

Share

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ ජා-ඇල ඒකල ඔතේකැලේ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

 

කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක නිලධාරීන් ඊයේ (11) දින ‌මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

එහිදී බැරල් 40ක තිබී ගෝඩා ලීටර් 4000කට අධික ප්‍රමාණයක්, සීනි උර 6ක් සහ ඊස්ට් පැකට්ටු 200ක් හමුවී තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News