දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ තරමක තද වැසි ඇති වෙයි.
ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ඇති වෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද පවතී.
අද (13) දිනයේ දහවල් 12.11 ට තේකම්පුද්දි, වෙල්ලන්කුලම්, උයිලන්කුලම් සහ කච්චිලමඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.



