පුණ්‍ය කාලය ආරම්භ වෙයි

Share

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට අදාළ පුණ්‍ය කාලය අද (13) අපරභාග 1.59 ට ආරම්භ වෙයි.

 

පුණ්‍ය කාලය අවසන් වන්නේ අලුයම 2.47ටයි.

අද අපරභාග 1.59ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් ‌වෙයි.

මෙවර අවුරුදු නැකත් චාරිත්රවලට අනුව අද අපරභාග 8.23ට අලුත් අවුරුද්ද උදා වෙයි.

ආහාර පිසීම නැකත යෙදී ඇත්තේ අද අපරාභාග 10.05ටයි.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙළ කර ගතයුතු බව නැකැත් චාරිත්‍රවල සදහන්.

අද අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතුවෙයි.

Read more

Local News