කොරෝනා ආසාදිතයින් ගණන 214ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සිව් දෙනෙක් වාර්තා වී ඇත.

මෙම රෝගීන් සිව් දෙනාම පූනානි නිරෝ‍ධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 214ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද‍ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News