පියා විසින් සිය දරුවන් දෙදෙනා ළිඳට දමා ඝාතනය කරයි

Share

වාලච්චේන පොලිස් වසමේ මාවඩිවේන ප්‍රදේශයේ නිවසක පදිංචි දරුවන් දෙදෙනා ඔවුන්ගේ පියා විසින් ළිඳට දමා ඇතැයි වාලච්චේන පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

 

අද (14) අළුයම 3.45ට පමණ මෙය සිදුව ඇති බව ‌‌පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් මෙම ළමුන් දෙදෙනා ගොඩට ගෙන වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ළමුන් මිය ගොස් සිට ඇත.

මිය ගිය පිරිමි දරුවා වයස අවුරුදු 10 ක් වන අතර, ගැහුණු දරුවා වයස අවුරුදු 7 ක් වෙයි.

මෘත ශරීරයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇත.

දරුවන්ගේ පියා විසින් මෙම අපරාධය සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු අද දින උදෑසන වාලච්‍චේන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News