අරලගංවිල රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Share

අරලගංවිල පොලිස් වසමේ දළුකාන ප්‍රදේශයේ දී ඊයේ (14) සවස මහියංගනය දළුකාන මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

දළුකාන වැව් බැම්ම මත ආපදාවට ලක්ව නවතා තිබු තට්ටු ලොරි රථයක පුද්ගලයින් තිදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදියේ පැදිකරු මනම්පිටිය රෝහලට ඇතුළත් කිරිමේ දී මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා අවුරදු 34 ක් වු මඟුල්දමන, පැලටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරු පැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනා සුළු තුවාල තබා ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු හා ලොරි රථ‍ය අත්අඩංගුවට පත්ව ඇති අතර අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News