කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම අප්‍රේල් මස 30 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය සඳහා පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම අප්‍රේල් මස 30 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට සිදුව තිබේ.
කෙසේ වෙතත් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ජාලය හරහා ගුවන් භාණ්ඩ සේවා මෙන්ම විශේෂ ගුවන් ගමන් වාර අවශ්‍යතාවය පරිදී ක්‍රියාත්මක වනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කරගැනීමෙන් සහ ලඟම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.



