කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇත.
අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මේ දක්වා කාලය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 63ක් දක්වා ඉහල ගොස් තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පුද්ගලයින් 233 දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබේ.
ඉන් තවත් පුද්ගලයින් 163 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.



