මුලතිව් කැලෑවකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Share

මුලතිව් පුදුමාතලන් කැලෑ බඳ ප්‍රදේශයක සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සොයාගෙන තිබේ.

 

නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්යය බලකා මුලතිව් කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමක දී අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

එහිදී ජීව අත් බෝම්බ 02ක්, ආර් පි ජි උණ්ඩ 02ක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 05ක්, මිලිමීටර් 81 මෝටාර් උණ්ඩ 02ක් සොයා ගෙන ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සඟවා තිබු ඒවා බවට සැකකරන බව විශේෂ කාර්යය බලකාය පවසයි.

අදාළ පුපුරණ ද්‍රව්‍ය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Read more

Local News