වැස්සත් සමඟ ප්‍රබල අකුණු – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Share

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් නැත අද (16) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.

 

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

අකුණු සහ ගිඟුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ.

Read more

Local News